Saturday, January 21, 2012

තාත්තා.....

හෙලන හුස්මක් ගානෙම මා විඳින මේ ජීවිතයට
මට අයිතිය තහවුරු කලේ නුඹ...
අනන්ත වූ අහසට දහවල ගෙනෙන හිරු මෙන්ම
මා දිවියට ආලෝකය ගෙනාවේ නුඹ...
දහසකුත් සිතුවිලි හිතේ තිබුණිද...
ඔබේ ගුණ ගැන ගී ගොතන්නට
මා අසමත්...
මහ පොළවෙන් යම් ඉඩකට හිමිකම මටත් අයිතියි...
ඒ නුඹ මට ලබා දුන් මේ ජීවිතය නිසයි...
මේ ජීවිතය වෙනුවෙන් මා ණයගැතියි නුඹ හට..

තාත්තේ මං ආදරෙයි මගේ තාත්තට ගොඩාක්...
තාත්තට සුබ උපන් දිනයක්...!!!!
මං තාත්තගේ පොඩි දූ...

4 comments:

  1. සුභ උපන් දිනයක් මාමේ .. !

    ReplyDelete
  2. තාත්තාට සුභ උපන් දිනයක් වේවා!!! නිරෝගී සුවය සහ දිර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා!!!!

    ReplyDelete
  3. ට්වීටියගේ හුටං ලෝකයට
    ගොස් හුටමක් අරින්නට
    ඇන්ඩා දුන් මල වදේට
    ඔන්න ආවා එල කිරි ටිකට

    ReplyDelete