Thursday, January 19, 2012

පළමු පියවර​


ඉමක් නොපෙනෙන දිවි අහස් ගැබේ
මායිම් සොයන්නට හැකිද කා හට​...
ඒ සිසාරා පියා සලන්නට අත් තටු තිබුණද
සැම දෙනා හට​...
පියාසලන්නේ සෙවිල්ලෙන්...
අවකාශය අනන්තයි..
නමුදු අපේ ජීවිත රාමු තුළ​..
ඇතිද ලස්සනක් ඒ රාමුවෙන් පිට
දුවන විට අපගේ මේ ජීවිත​...
 
ජීවත් වෙන්න​...ජීවිතය වෙනුවෙන්...
සිතන්න මේ ජීවිතය ජීවිතය පමණක්ම නොවන වග​...
මේ ජීවිතය අපට ජීවිතය දුන් අයවලුන් ගේ
හුස්ම පොද බව සිහියේ තබා ගන්න​...
විඳිනවානම් එයයි ජීවිතය​...
පුළුන් රොදක් වැනි සැහැල්ලු ජීවිතයේ නැගී..
මාද පියා සලන්නට පියවර තබන්නෙමි..
මේ මගේ පළමු පියවර​..

9 comments:

  1. =] =] =] jiwithe ramuwak na.. eke seemawa theerana kirima oba sathui.. MATA HITHENA widihata =]

    ReplyDelete
    Replies
    1. රාමුවක් තීනවා...අන්න ඒ නිසයි අපිට හිතෙන හිතෙන හැම දේම කරන්න අපිට අයිතිය නැත්තේ...

      Delete
  2. ඕම යන් ඕම යන්..සුභපැතුම් කෙල්ලේ......!!!!

    ReplyDelete
  3. හලේ...ටැංකුයි පිසා අයියේ...:)

    ReplyDelete
  4. එළ... අපි දිගටම එන්නම.. බෝරිං වෙන්නෙ නැතිවෙන්ඩ ගේම දෙන්ඩ හරිය....
    මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලොත් තමා හොඳ

    ReplyDelete